Thursday, December 8, 2016

Nvidia පව්ලේ අලුත්ම වැඩකාරයො

කොහොමද කට්ටිය සුබම සුබ උදෑසනක් වෙවා කියල කිව්ව ඕං.අද කියන්න යන්නෙ අපේ gamers ලටයි gaming pc එකක් හදාගන්න ඉන්න අයටයි ගොඩක් වැදගත් දෙයක්.Nvidia gtx 10 series එකට අලුතෙන්ම එකතුවෙච්ච පුංචි වැඩකාරය   gtx 1050ti   ගැන තමා අද කියන්න යන්නෙ.මේ card  තමා Nvidia එකෙන් මේ අවුරුද්දේ ඉදිරිපත් කරපු අලුත්ම  budget Vga card එක.හැමෝම දන්නවනෙ AMD එකයි Nvidia
එකයි අතර තියෙන යුද්ධය කවදාවත් ඉවරයක් වෙන්නෙ නැති බව.මේ යුද්දෙට ආපු අලුත්ම soldier තමා
GTX 1050ti.දැනට වෙළෙඳපොලේ තියෙන AMD ලගෙ Rx 460 එක්ක තරග කරන්න පුලුවන් විදිහට තමා මේ පුංචි වැඩකාරයව හදල තියෙන්නෙ.Nvidia ලගෙ අලුත්ම Pascal P107 Architecture එකට හදපු මේ vga එකේ 14nm Processor එකක් තියෙනව ඒවගේම මේකෙ 1290MHz Core Speed එකක්තියෙනව.මේක Direct X 12.1 support කරනව.වඩාත්ම වැදගත් දේ තමා මේ VGA එකේ Power Usage එක ගොඩක් අඩුයි 
watt 75  විතර තමා යන්නෙ.මේ card එකෙන් දැනට ආපු ඕනම game එකක් 1080p screen resolution වල play කරන්න පුලුවන් කම තියෙනව.ඒවගේම 55 වඩා fps rate එකක් තියාගන්න පුලුවන්.මේ card එක Performance අතින් Nvidia GTX 960 වඩා වැඩී.ලංකාවෙ Market එකේදි රුපියල් 29,000කට වගේ මේ card එක ඔයාලට ගන්න පුලුවන්කමතියෙනව.ඉතින් ආයෙත් දවසක Gaming ගැන තවත් post එකකින් ඔයාලව හමුවෙන බලාපොරොත්තුව අතුව අදට සමුගන්නවා ඔයාල හැමෝටම ජය වේවා.



1 comment: